08 June 2019

Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කෙරේ



අමෙරිකානු රජය විසින් Huawei සමාගම සඳහා පනවන ලද සම්බාධක අනුව පසුගියදා ගුගල් සමාගම ද Huawei ජංගම දුරකතනවලින් සිය යෙදවුම අවහිර කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව යමින් ෆේස්බුක් සමාගමද අලුතින් නිෂ්පාදනය කරන Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් ෆේස්බුක් සමාගම අදාළ තීරණය ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ නමුත් ගෝලීයව සියලු පරිශිලකයන් සදහා ඉතා හොඳ අත්දැකිමක් ලබා දිම සදහා ඉදිරියේදි Huawei සමාගම විසින් සුරක්ෂිත සහ තිරසාර මෘදුකාංග පද්ධතියක් ගොඩනැගීමට කටයුතු කරනු ලබන Huawei සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එසේම ශ්‍රි ලංකා වෙළදපල තුළ දැනට වතින හුවාවේ ස්මාර්ට් ජංගම දුරකථන සදහා අඛණ්ඩව සිය සහය ලබා දෙන බවද Huawei සමාගම නිවේදනය කළා.

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...