15 August 2017

මසාජ් එකකට වඩා යමක් - මිළ රුපියල් පන්දාහයි


පිටිසර ගම්මාන වල සිට කොළඹ රැකියා සිදු කිරීමට පැමිණෙන තරුණියන් ගණිකා වෘත්තියට යොදවන සංවිධාණාත්මක ව්‍යාපාරයක් පිළිබද වාර්තා වනවා.

මෙම ගණිකා ජාවාරමට ඔවුන් සම්බන්ද කරගෙන තිබෙන්නෙ සම්භාහන මධ්‍යස්ථාන පවත්වා ගෙන යන මුවාවෙනි.

මෙවැනි සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එහි කළමනාකාරිණිය ඇතුළු සේවය කල කාන්තාවන් හතර දෙනෙකු පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් වයස අවුරුදු 25 ත් 30 අතර වයසේ පසුවන අතර ඔවුන් අනුරාධපුර, තණමල්විල, ඇඹිලිපිටිය, උඩුපුස්සැල්ලාව වැනි කොළඹින් එපිට ඈත ප්‍රදේශවල  පදිංචි කරුවන් වීම විශේෂයි.
කොළඹ රැකියා කරන බව තමන් නවාතැන් ගෙන තිබූ ස්ථානවලට පවසා මොවුන් මෙලෙස ගණිකා වෘත්තියේ යෙදී සිට තිබේ.

කෙසේ වෙතත් අදාළ කාන්තාවන් රුපියල් 2,000 ත් 5,000 ත් අතර මුදලකට විකිණී ඇති අතර අත්අඩංගුවට පත් කාන්තාවන් අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියන් පිලිබඳ වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබෙන අතර ඔවුන් ඇප මත නිදහස් කර තිබෙනවා.

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...