සුප්රකට ෆෝබ්ස් සගරාවේ සමීක්ෂණයට අනුව 2016 වර්ෂයේ හොලිවුඩයේ වැඩිම ආදායම් ඉපැයූවන් අතර සුප්රකට රංගන ශිල්පිනී ස්කාලට් ජොහැන්සන් Scarlett Johansson ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ. ඇය රංගනයෙන් දායක වූ, 2016 වර්ෂයේදී තිරගත වූ ‘Captain America: Civil War’ (ඇ.ඩො. බිලියන 1.15 ක පමණ ඉපැයූ) සහ ඇ.ඩො බිලියන 1.2 ක පමණ ආදයමක් ඉපැයූ ‘Hail Caesar’ සිනමා පට මේ සඳහා බෙහෙවින් දායක වී ඇතැයිද වාර්තා වේ.
මැයි මාසයේ තිරගත වූ මාවල් කොමික් ග්රන්ථ පාදක කරගනිමින් නිර්මාණය වූ ‘අයන් මෑන්’, ‘ස්පයිඩර් මෑන්’, ‘බ්ලැක් විඩෝ’ සහ ‘ඈන්ට් මෑන්’ සිනමාපට අතර වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරන ලද ‘කැප්ටන් ඇමෙරිකා’ සිනමාපටය ලොව පුරා දැවැන්ත ලෙස ආදායම් ලබමින් තිරගත විය.
මේ ලැයිස්තුව සඳහා ෆෝබ්ස් සඟරාව 2016 වර්ෂයේ ලොව පුරා අලෙවි වූ සිනමාපට ප්රවේශපත්වල ආදායම සැලකිල්ලට ගත් බව පැවසෙන අතර, මෙහිදී ඔවුන් පරිගණක සජීවීකරණ චිත්රපටවල හඬ නළු දායකත්වය ලබාදීම පිළිබඳ සැලකිල්ලට නොගත් බවද පවසයි. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ නව නාමයක් වූ මාග්රට් රොබී, ලොවපුරා තිරගත වෙමින් ඇ.ඩො මිලියන 745.6 ක ආදායමක් උපයමින් තිරගත වූ ‘Suicide Squad’ සිනමාපටයේ රංගනයෙන් දායක වූවෙකි.