අරන්තලාවේ භික්ෂු ඝාතනය සිදු වී වසර තිහක් ගතව තිබේ.
ඒ වෙනුවෙන් සිකුරාදා (මැයි 02) අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගුණ සමරු උත්සවයක් සංවිධානය කර තිබිණි.
1987
වසරේ ජුනි 02 වෙනිදා අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ වැඩසිටි උතුරු නැගෙනහිර
අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු 31 නමක් සහ සාමාන්‍ය
වැසියන් තිදෙනෙකු එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතනය කරනු ලැබීය.
දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම රට
තුළ යළිත් එවන් ඛේදවාචකයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ
වගකීම බව අනුස්මරණ උළෙලට සහභාගී වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසීය.
සියලු
ජාති සහ ආගම්වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනගමින් රට තුළ ස්ථීර සාර
සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියල්ලන්ගේ වගකීම
බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
