දිවා රාත්‍රී සම්බාහන මධ්‍යස්ථාන බව පෙන්වමින් දිගු කලක් තිස්සේ
පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් පසුගිය 30,31 සහ 01දා යන තෙදිනේදී
වැලිකඩ පොලිසිය මගින් වටලා එහි සේවය කළ තරුණ කාන්තාවන් සහ කළමණාකරුවන්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය නගරයේ ඇති මින් එක් සම්බාහන මධ්‍යස්ථානයක් පාසල් ළමුන් අතර
ඉතාමත් ජනප්‍රිය තැනකි. මෙතනට එන පාසල් ළමුන් අමතර පංති සඳහා නිවසින්
ලබාදෙන මුදල් යොදවා මෙහි කාන්තා ඇසුරට හුරුව ඇති බවයි අණාවරණ වී
තිබෙන්නෙ. එක් සම්බාහන මධ්‍යස්ථානයකට යැවූ පොලිස් උපාය දූතයකු, සම්බාහනය
කිරීම සඳහා පැමිණි තරුණ කාන්තාව සමග අඩ නිරුවතින් සිටියදී අත් අඩංගුවට පත්ව
අති අතර, ඇය ඔහු වෙත ලිංගික ඇසුරක් සඳහා අවශ්‍ය උපත් පාලන කොපු ලබා දී
තිබූ බවයි පොලිසිය පවසන්නෙ.
දියත උයන ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් හා ස්පා මධ්‍යස්ථානයක් ලෙස
පවත්වාගෙන ගිය තවත් ගණිකා මධ්‍යස්ථානයක සිටි රූමත් ලාබාල තරුණ කාන්තාවන් 04
දෙනෙකු සහ කලමණාකරු අත් අඩංගුවට පත්ව ඇති අතර, එම ආයතනයට ඇතුළත්වීම සඳහා
රුපියල් 1500ක මුදලක් අයකරනු ලබන බවත්, රුපියල් 10000 දක්වා මුදලකට එහි
සිටින කාන්තාවන් අළෙවි කරනා බව පොලිස් පරීක්ෂණ වළින් හෙළිව තිබෙනවා. අදාල
කාන්තාවන් වයස අවුරුදු 18, 19, 22 සහ 23 වියෙහි පසුවන්නියන් වනවා.
රාජගිරිය ඉන්ධන පිරවුම්හල අසල සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්
කාලාන්තරයක් තිස්සේම පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්ද වටලා ඇති වැලිකඩ
පොලිසියේ දූෂණ මර්ධන ඒකකය එහි සිටි කාන්තාන් දෙදෙනකු සහ කලමණාකරු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සහ සැකකාරිණියන් 10 දෙනා අලුත්කඩේ අංක 04
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකොට
තිබෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාගේ
උපදේස් පරිදි වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස්
පරීක්ෂක රසික මහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහෙයුම ක්‍රියාත්මක කොට
තිබෙනවා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...