එම අළුත්ම පර්යේෂණයේ නිගමන ඇතුළත් වාර්තාවක් 'නේචර්' සඟරාවේ පළ කරනු ලැබ ඇත.
ඕස්ට්‍රේලියාවේ ඊශානදිග වෙරළේ පිහිටා ඇති මහාබාධක පරය ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරයයි.
කොරල්පරය සහ එහි ජලය ගුණාත්මක මට්ටමින් පවත්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව විසින් ගනු ලබන ප්‍රයත්න මගින් අපේක්ෂිත ප්‍රතිපල ලැබී නොමැති බවත් පර්යේෂකයෝ පවසති.

එවැනි අභියෝගයක් හමුවේ දේශගුණ විපර්යාසයන් පාලනය කර ගැනීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව තම පර්යේෂණය මගින් පෙන්නුම් කෙරෙන බව එම විද්‍යාඥයෝ කියා සිටිති.
'සාගර ජලය ගිනියම් වීමේ ප්‍රශ්නයෙන් බේරීම සඳහා ජීවීන්ට හැංගෙන්නට තැනක් නැතැයි ඕස්ට්‍රේලියානු ARC මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෙරී හියුජ්ස් පවසයි.

'කොරල්පරයේ අධිසංරක්ෂිත කලාපවල මාළු අල්ලන්න අවසර දුන්නොත් ජලය උණුසුම් වීම නිසා කොරල්පරයට සිද්ධ වෙන හානියට සමාන හානියක් එමගිනුත් සිද්ධ වෙනවා. කොරල්පරය යථාතත්වයට පත්වීමට හේතුවිය හැකි ගුණාත්මක ජලයක් එහි නැති බව අපේ පර්යේෂණයේ දී හෙළිවුනා. එවැනි තත්වයක් යටතේ කොරල්පර මැරීයාම නතර කිරීම සඳහා අපට රට වශයෙන් විසඳුමක් නැහැ. දැන් අපි ඉන්නේ දුෂ්කර අවස්ථාවක' ටෙරී හියුජ්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

ජගත් දේශගුණ විපර්යාශයන්, ධීවර කටයුතු මෙන්ම ඕස්ට්‍රේලියානු ගොවිබිම් වලින් සාගරයට බැහැර කෙරෙන පොහොර සහ කෘෂි රසායන අපද්‍රව්‍ය ආදියත් මහාබාධක කොරල්පරය වැනසීමට හේතුවෙන බව විද්‍යාඥයෝ කලක පටන්ම පෙන්වා දී ඇත.
මූලාශ්‍ර - බීබීසී