කොළඹ විශාකා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර පැවති බිග් මැච් තරගාවලිය ජය ගැනීමට කොලඹ විශාකා විද්‍යාලය ඊයේ සමත් වුණා.
පළමු වරට පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 144 කින් ජයක් ලබා ගනිමින් තමයි විශාකාවියන් තරගාවලිය ජයග්‍රහණය කළේ.
තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්
විශාඛා විද්‍යාලය පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 224 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මියුසියස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 80 ක් පමණයි.






