බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහා රැජින අද සිය 90 වැනි උපන්දිනය සමරනවා.
1926 අප්‍රේල් 21 වැනි දින ලන්ඩනයේ මේෆෙයාර්හි දී උපත ලද එළිසබෙත් මහා
රැජිණ, මහ රැජිණ ලෙස 1952 පෙබරවාරි 06 වැනි දින කිරුළු පළදන ලදී. දෙවන
එළිසබෙත් මහා රැජිනගේ 90 වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් එළිසබෙත් මහා
රැජින, චාල්ස්, විලියම් හා කුඩා ජෝර්ජ් කුමාරවරුන්ගේ ඡායාරූප සහිත විශේෂ
මුද්දරයක් නිකුත් කිරීමට ද කටයුතු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ
අතර රජ පවුලේ ඡායාරූප එකතුවක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එළිසබෙත්
මහා රැජිණ මවක්, මිත්තණියක් සහ මී මිත්තණියක් ද වනවා.






No comments:
Post a Comment