Pizza කියන්නේ ලොකු පොඩි කවුරුත් කන්න කැමති ආහාරයක්. ඉතාලිය තමයි Pizza
වලට ප්‍රසිද්ධියක් උසුලන්නේ. මේ කියන්න යන්නේ Pizza ගැන ලෝක වාර්තාවක්.
හැබැයි මේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ නේපාලයයි. මීට පෙර ලෝකයේ දිගම
Pizza එකට හිමිකම් කියන්නේ Pizza බිහිවූණු ඉතාලියයි. නේපාල සූපවේදීන් වගේම
ඉතාලි ජාතික සූපවේදීන් 100ක් ද මේ ලෝක වාර්තාව පිහිට වීමට එකතුවෙලා
තිබෙනවා.
මේ Pizza එකේ දිග කිලෝමීටර් 2ක් වෙනවා. පිටි කිලොග්රෑම් 2000ක්, තක්කාලි
කිලොග්රෑම් 1600ක්, මොසැරැල්ලා කිලොග්රෑම් 2000ක්, තෙල් ලීටර 200ක් සහ වතුර
ලීටර් 1500ක් මේ Pizza එක හදන්න යොදාගෙන තිබෙන අතර Pizza එක හදන්න පැය
11ක් ගිහින් තියෙනවා. මීට පෙර ඉතාලිය හැදුව ලෝකයේ දිගම Pizza එක මීටර
1,595ක් වෙනවා.
Source : http://www.itnnews.lk/gossip/2016/05/19/%e0%b6%b1%e0%b7%9a%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-pizza-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/











No comments:
Post a Comment