Lanka Gossip Talks - ලංකාවේ ඕපදූප කථා
26 May 2023
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
24 May 2023
නිරිතදිග මෝසමට සක්‍රීයවන ශ්‍රී ලංකාවේ මනරම් දිය ඇලි
23 August 2022
සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බාධක නීත්‍යානුකූලව ඉවත් වනු ඇත.
වසර ගණනාවක් තිස්සේ පැවති උණුසුම් විවාදවලින් පසුව එළඹි මෙම තීරණය අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් විසින් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලදී.
සිංගප්පූරුවේ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) ක්‍රියාකාරීන් මෙම පියවර අගය කර ඇත්තේ එය 'මනුෂ්‍යත්වය ලද ජයග්‍රහණයක්' ලෙස දක්වමිනි.
නගර රාජ්‍යයයක් වන සිංගප්පූරුව, එහි වන සම්ප්‍රදායික සහ ගතානුගතික ඇගයුම් සඳහා ප්‍රසිද්ධ නමුත්, යටත් විජිත යුගයේ පනවන ලද 377A නීතිය අහෝසි කරන ලෙස ඉල්ලන පිරිස් මෑත යුගයේදී විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.
ඉන්දියාව, තායිවානය සහ තායිලන්තයට පසුව, LGBT අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්රගතිශීලී වෙනසක් කරා ගමන් කරමින් සිටින ආසියාවේ නවතම රට බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවයි.
එරට රජයේ මෙයට පෙර ස්ථාවරය වී තිබුණේ පුරුෂයන් - පුරුෂයන් අතර ලිංගික සබඳතා තහනම් කරන 377A නීතිය දිගටම තබා ගැනීමයි. එහෙත් සියල්ලන්ට එකඟ වීමට හැකි තීරණයක් ලෙස එම නීතිය ක්‍රියාත්මක නොකරන බවට ද රජය පොරොන්දු වී තිබුණි.
නමුත් ගෙවී ගිය ඉරිදා රාත්රියේදී සිය රටවැසියන් අමතමින් අගමැති ලී පැවසුවේ "මෙය කළ යුතු නිවැරදි දෙයයි. එමෙන් ම එය බහුතර සිංගප්පූරු වැසියන් විසින් පිළිගන්නා දෙයකි යි අප විශ්වාස කරන බැවින්", මෙම නීතිය අහෝසි කරන බවයි.
"සමලිංගික පුද්ගලයින්ට දැන් වඩා හොඳ පිළිගැනීමක් ලැබෙනු ඇත. එමෙන් ම 377A ඉවත් කිරීම මඟින් රටේ නීති වර්තමාන සමාජ සදාචාරයන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන වන බැවින් සමලිංගික සිංගප්පූරු වැසියන්ට ඉන් සහනයක් ලැබෙනු ඇතැයි ද මම බලාපොරොත්තු වෙමි" යි ඔහු සඳහන් කළේ ය.
"වෙනස්කොට සළකන යල් පැන ගිය මෙම නීතිය අවසානයේ නීති පොතෙන් ඉවත් වීම ගැන අපි සතුටට පත්වෙනවා. එයට තරමක දිගු කාලයක් ගත වුණු බව කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එය සිදු විය යුතු දෙයක් බව ඔබ දන්නවා. අද අපි හරිම සතුටුයි. අපි අවසානයේ එය සිදු කළා " යි සමලිංගික ක්‍රියාකාරිකයෙකු වන ජොන්සන් ඔන් බීබීසීයට පැවසීය.
සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික (LGBT) හිමිකම් කණ්ඩායම්වල එකමුතුවක් මෙය හැඳින්වූයේ "බිය පරදවා ආදරය ලැබූ සුවිශාල ජයග්‍රහණයක්" ලෙසට ය. එමෙන්ම එය පූර්ණ සමානාත්මතාවය පිළිගන්නා සමාජයක් සඳහා වන පළමු පියවර ලෙසට ද ඔවුන් විසින් හඳුන්වා දී තිබුණි.
එහෙත් අගමැති ලී ගේ කතාවේදී සඳහන් වූ තවත් කරුණක් ගැන ඔවුන් සිය කනස්සල්ල පළ කර තිබේ.
විවාහය යනු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර සිදුවන්නක් ලෙස අර්ථ දැක්වීම සඳහා වඩා හොඳ නීතිමය පසුබිමක් සම්පාදනය කරන බවටද අගමැති ලී සිය කතාවේදී සඳහන් කර තිබුණි.මෙමඟින් සමලිංගික විවාහ නීතිගත කිරීම වඩාත් දුෂ්කර වනු ඇත.
සිංගප්පූරුව තවදුරටත් සාම්ප්‍රදායික සමාජයක් ලෙස පවතින අතර පවුල් සහ සමාජ සම්මතයන් එලෙසම පවත්වා ගැනීමට බොහෝ දෙනෙකු උනන්දු වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණි.
මෙය 'කලකිරවනසුළු දෙයක්' ලෙසට හැඳින්වූ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරීන්, මෙයින් සිදු වන්නේ වෙනස්කොට සැලකීම තවදුරටත් ත්‍රීව වීම පමණක් බවත් කියා සිටියහ.
මේ අතර, 'Protect Singapore' නම් සම්ප්‍රදායික කණ්ඩායමක්, මෙම තහනම ඉවත් කිරීම ගැන සිය අප්‍රසාදය පළ කර තිබේ. මෙයින් බහුතර සමාජයට එල්ල වන බලපෑම පිළිබඳව "විස්තීරණ ආරක්ෂණ" සහතිකයක් නොමැතිව මෙම නීතිය අවලංගු කිරීම පිළිබඳව තමන් "දැඩි කලකිරීමකට" පත්වන බව ඔවුන් කියා සිටිති.
විෂමලිංගිකයින් අතර ඇතිවන විවාහය පිළිබඳ නිර්වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්පූර්ණයෙන් තහවුරු කරන ලෙසට මෙන් ම, දරුවන්ට 'LGBT ප්‍රවර්ධනය' කිරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කරන ලෙසටත් ඔවුන් සිංගප්පූරු රජයෙන් ඉල්ලා සිටිති.
සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයින් වෙත දක්වන සහයේ වැඩි වීමක්
සිංගප්පූරුවට 377A උරුම වූයේ බ්‍රිතාන්‍යයන්ගෙන් වන අතර, 1965 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව ද එය වෙනස් නොකර තබා ගැනීමට එරට රජය කටයුතුකර තිබුණි.
මෙම නීතිය පුරුෂයන් අතර ලිංගික සේවනය අපරාධයක් ලෙස සලකන්නක් වුවද, එය සැලකෙන්නේ සමලිංගිකත්වය තහනම් කිරීමක් ලෙසට ය.
මෙම නීතිය මෑත වසරවලදී සක්‍රීයව බලාත්මක කර නොමැති අතර, සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයින්ගේ රාත්‍රී සමාජශාලා ද ඇතුළුව, සමලිංගිකයන්ට වඩා යහපත් ලෙස සමාජයේ ඉඩ ලබාදීම සිංගප්පූරුව තුළ වර්ධනය වෙමින් තිබේ.
නමුත් මෙම පවත්වාගෙන යාම මඟින් සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්ට එරෙහි සමාජ මතය ප්‍රවර්ධනය වන බවත්, මෙය සිංගප්පූරු ව්‍යවස්ථාවේ ඇති 'වෙනස්කර සැළකීම තහනම්' යන වගන්තියට පටහැනි බවත් පවසමින් LGBT ක්‍රියාකාරීන් විසින් දිගු කලක් තිස්සේ 377A ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර, එමඟින් සමලිංගිකයන්ගේ ජීවිතවල අනෙකුත් පැති කෙරෙහි ද සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බවත් ඔවුන් විසින් පෙන්වා දී තිබුණි.
උදාහරණයක් වශයෙන්, 'සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීමක්' ලෙසට සලකනු ලබන ඕනෑම දෙයක් සිංගප්පූරුවේ විකාශය කිරීම තහනම් කළ හැකි අතර, එම හේතුවෙන් පසුගිය කාලයේ ඇතැම් රූපවාහිනී වැඩසටහන් සහ චිත්‍රපට වාරණයට ලක් විය.
විවෘත මෙන්ම විවිධාංගිකරණ සහිත ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව දක්වන ප්‍රතිරූපයට මෙම නීතිය පටහැනි වන අතර, සිංගප්පුරුවේ පිහිටි බහුජාතික සමාගම් පවසා ඇත්තේ දක්ෂයින් ආකර්ෂණය කර ගැනීමේ ඔවුන්ගේ උත්සාහයට මෙම නීතිය බාධාවක් වී ඇති බවයි.
සිංගප්පූරුවේ බොහෝ දෙනෙක් තවමත් 377A බලාත්මකව තබා ගැනීම කෙරෙහි සිය සහය පළ කරන නමුත් එය අහෝසි කිරීම සඳහා වන ඉල්ලීම් මෑත වසරවලදී ඉහළ ගොස් තිබේ. එමෙන් ම LGBT අයිතිවාසිකම් සඳහා සමාජීය සහයෝගය වැඩිවන ආකාරයත් සමීක්ෂණ මඟින් පෙන්වා දී තිබේ.
එමෙන් ම LGBT ක්‍රියාකාරීන් මෙන්ම වැඩි වශයෙන් ම විවිධ ආගමික කණ්ඩායම් නියෝජනය කරන සම්ප්‍රදායික මත දරන්නන් ද ඇතුළුව ප්‍රති මත දරන්නන්ද මෙම ගැටලුව පිළිබඳව තමන්ගේ අදහස් දක්වමින් මෙම නීතිය ඉවත් කිරීමට මෙන් ම තවදුරටත් තබා ගැනීමටත් පක්ෂව සිය ස්ථාවරයන් ශක්තිමත් කර තිබේ.
සිංගප්පූරුව තුළ විරෝධතා සහ දේශපාලන රැස්වීම් දැඩි ලෙස නියාමනය කර ඇති මුත්, සෑම වසරකම LGBT ක්‍රියාකාරීන් විසින් එරට විශාලතම සිවිල් සමාජ රැලිය වන Pink Dot පවත්වනු ලබන්නේ දස දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.
මේ අතර, සම්ප්‍රදායික කණ්ඩායම්, ගතානුගතික සාරධර්ම ආරක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණ සහ වැඩසටහන් සංවිධානය කර තිබේ. ඇතැම් පල්ලි මතභේදයට තුඩු දෙන ආකාරයේ සමලිංගිකයන්ව පරිවර්තනය කිරීමේ වැඩසටහන් ද ප්‍රවර්ධනය කර ඇත.
පසුගිය ඉරිදා සිය කතාවේදී, අගමැති ලී මෙම කණ්ඩායම් දෙකටම මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් බලන ලෙස ඉල්ලීම් කළේය.
සිය ජාතික දින දේශනයේදී ඔහු කියා සිටියේ "සියලු කණ්ඩායම් එකිනෙකා කෙරෙහි තේරුම් ගැනීමෙන් යුතුව සංයමයෙන් කටයුතු කළ යුතුයි. අපට ජාතියක් වශයෙන් ඉදිරියට යා හැකි එකම මාර්ගය වන්නේ එයයි" යන්න යි.
බ්‍රිතාන්‍යයන්ගෙන් ලද උරුමය
377 හා සමාන නීති සහිත එකම පැරණි යටත් විජිතය සිංගප්පූරුව නොවන අතර එයට සමාන නීති ආසියාවේ, අප්‍රිකාවේ සහ ඕෂනියාවේ බොහෝ ප්‍රදේශවල තවමත් පවතී.
එය 19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවට බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් නීතියක් වන අතර, එමගින් "ඕනෑම මිනිසෙකු, කාන්තාවක් හෝ සතෙකු සමඟ ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" තහනම් කර තිබේ.
බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ පාලනය යටතේ පැවති අනෙක් යටත් විජිතවල අපරාධ නීති සංග්‍රහයන් සකස් කරන ලද්දේ ඔවුන් ඉන්දියාව සඳහා සකස් කළ දණ්ඩ නීති සංග්‍රහය පදනම් කරගෙන වීම නිසා එය ඉතා ඉක්මනින් අනෙකුත් රටවල් කරා ද ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාව, කෙන්යාව, මැලේසියාව සහ මියන්මාරය වැනි පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත කිහිපයක් ම තවමත් 377 අනුවාදයක් පවත්වාගෙන යති.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය "ස්වභාවධර්මයට එකඟ නොවන ලෙස සිදු කෙරෙන ලිංගික සංසර්ගය" අපරාධයක් ලෙස සලකන අතර ඒ සඳහා වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.
සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික සහ අන්තර් ලිංගික (LGBTI) පුද්ගලයින්ට වෙනස් කොට සැලකීම ව්‍යවස්ථා විරෝධී බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානාත්මතාවයේ විධිවිධාන යටතේ LGBTI පුද්ගලයින් ආරක්ෂා කර ඇති බවත් 2014 දී රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර ඇත.
මෙම වසර 135 ක් පැරණි බ්‍රිතාන්‍ය යටත්විජිත නීතිය සමලිංගික ක්‍රියාවන් අපරාධයක් බවට පත් කිරීම පොත්වල පවතී; කෙසේ වෙතත්, මෙම නීතිය භාවිතා නොකරන අතර නිද්‍රා නීතියක් ලෙස ශ්‍රී ලංකාව තුළත් පවතින බවට නීතිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවසා ඇත.
එහෙත් සමලිංගික හැසිරීම් පිළිබඳ සාක්ෂි සැපයීමේ උත්සාහයක් ලෙස ශ්‍රී ලංකා බලධාරීන් 2017 සිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකුට බලහත්කාරයෙන් ගුදමාර්ගය පරීක්ෂා කිරීම සහ බලහත්කාරයෙන් යෝනි පරීක්ෂා කිරීම ඇතුළත් ශාරීරික පරීක්ෂණවලට ලක් කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සහ ඊක්වල් ග්‍රවුන්ඩ් 2020 වසරේදී ප්‍රකාශ කළේය.
(Courtesy : BBC)
06 September 2021
හැමදා ම ලොක්ඩවුන් වුණු දුම්බර කන්දේ උස ම ගමක්
නකල්ස් කඳුවැටියේ උස ම ගමක් ලෙස සැලකිය හැකි ගලමුදුන ගම මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් පමණ ඉහළකින් තමයි පිහිටා තිබෙන්නේ. උඩරට රාජධානි කාලේ පටන් පැවත එන පුරාණ ගම්මානයක් වන එහි සම්ප්‍රදායික හර පද්ධතියක් තවමත් දැකගත හැකියි. මීමුරේ මෙන් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක්නොවුණු මේ දුෂ්කර ගම්මානය කඳු මුදුනක් මත පිහිටි නිසා ගලමුදුන කියලා කියනවා. අදටත් කිලෝ මීටර් 8ක් පා ගමනින් යා යුතු ගලමුදුන ගමේ තොරතුරු සොයා ගිය චාරිකාවක් තමයි මේ. ගමේ තවමත් පුරාණ කාලෙ වගේ සරල ජීවිතයක් ගෙවන ගම්මුන් ජීවත් වෙනවා. මාර්ග දුෂ්කරතා නිසා මේ ගැමියන්ට හැමදා ම ලොක්ඩවුන් ජීවිතයක් ගත කිරීමට සිදුවෙලා.
දුම්බර ගම්
වර්ග කිලෝ මීටර් 180ක් විශාල (හෙක්ටයාර් 21000ක්) දුම්බර හෙවත් නකල්ස් වනයේ තැන තැන හුදකලා ගම් ගණනාවක් පිහිටා තිබෙනවා. එවැනි ගම් ගණන 86ක් පමණ පවතින බව සැලකෙනවා. දුම්බර කඳුවැටියේ ගම් ගැන කියන කොට වැඩිදෙනෙක්ගේ මතකයට එන්නේ මීමුරේ. දැන් මීමුරේ දක්වා මාර්ගයක් සකස් කර තිබෙන නිසා ගැමියන්ගේ අපහසුතා තරමක් දුරට මඟහැරිලා. දුරකථන සංඥා ඇන්ටෙනා ද එ'ගම තිබෙනවා. ඊටත් වඩා දුෂ්කර ගමක් තමයි ගලමුදුන කියන්නේ.
මීමුරේ හැරුණු විට වල්පොලමුල්ල, රණමුරේ, කයිකාවල, කළුගල, දෙහිගොල්ල මෙහි හුදකලා ගම් කිහිපයක් පමණයි. මේ ගම් එකිනෙකින් ඈත් ව වනාන්තරවලින් වෙන් ව පිහිටා තිබුණද, ගම්වල දැකිය හැකි සුවිශේෂ ම ලක්ෂණය වන්නේ ඒ ඒ ගම් අතර ආවාහ-විවාහ ඥාති සබඳතා අතීතයේ සිට අද දක්වා ම දකින්නට හැකි වීමයි.
ගලමුදුන ගම
මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තමයි මේ අති දුෂ්කර ගම අයත් වන්නේ. පැමිණීමට ඇති අපහසුව නිසා පසුගිය කාලෙ සංචාරකයන්ගෙන් නම් ඒ ගම බේරිලායි තිබුණේ. ගලමුදුන ගම පිහිටා ඇත්තේ නකල්ස් ජෛවගෝල රක්ෂිතයේ නැගෙනහිර සිමාවට ආසන්න ව නකල්ස් ස්වාරක්ෂක කලාපය තුළයි.
එක් පසෙකින් වික්ටෝරියා රන්දෙණිගල අභය භූමියට එය මායිම් වෙනවා. යහන්ගල සහ ලකේගල යන කඳු අතර තමයි මේ ගම පිහිටා තිබෙන්නේ. උඩගල්දොබොක්ක එයට යාබද ගමයි.
රඹුක්වැව, දම්මන්තැන්න, දන්දෙණිකුඹුර, පොත්තටවෙල, මීගහමඩ මේ ගමට ආසන්න වනගත ගම්. ගලමුදුන ගම උඩරට රජ කාලේ ආරක්ෂක රහසිගත ගමක් ලෙස ප්‍රයෝජනයට ගත් බව ජනප්රවාදයේ පැවසෙනවා.
පවුල් තිස්පහක සාමාජිකයක් 120ක් මේ ගමේ ප්‍රාථමික පාසලක් ද පිහිටා තිබෙනවා. පාසලේ ළමයින් 35ක් සිටින අතර ගුරුවරුන් තිදෙනෙක් එහි සේවය කරනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු සමහරුන් පාසල් යාමට උනන්දුවක් නොදක්වන්නේ අහලපහළ පාසලක් නොමැති වීම නිසයි. මේ නිසා ළමයින්ගේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බවයි පෙනෙන්නේ.
හදිසි අනතුරු මෙන් ම හදිසි අසනීපවලට ගොදුරු වූ රෝගීන්ගේ ජීවිත අකාලයේ අහිමිවීමටත්, එළවළු ආදිය විකුණා ගැනීමට වෙළඳ පොළකට රැගෙන යාමටත් මාර්ග පහසුකම් නොමැතිවීම ගමට විශාල බාධාවක් වෙලා. දුරකථන සහ විදුලිබල පහසුකම් ද මේ ගමට නැහැ.
ගමට යන හැටි
ගලමුදුනට ගමන් කිරීම නම් ලේසි නැහැ. මහියංගනයේ සිට හසලකට පැමිණ හෙට්ටිපොළ පාරේ කොලොන්ගොඩට ගොස් ගමට ගමන් කළ හැකියි. මේ පාර ඇදීයන්නේ හීන්ගඟ ඉවුර දිගේ.
හසලක සිට ගමට දුර කිලෝ මීටර් 15ක්. උඩුදුම්බරින් සුළුගුණේට ගිහින් එතනින් අඩි පාරක් දිගේ උඩගල්දෙබොක්ක කියන කඳුකර ගමට ගොස් එහි සිට කඳු තරණය කිරීමෙන් ද මේ ගමට ළඟාවිය හැකියි.
උඩගලදෙබොක්කේ සිට තවත් කිලෝ මීටර් 3ක් දුරින් තමයි ගලමුදුන තිබෙන්නේ. ගමට පියමං කළ යුතු වන්නේ අලිඇතුන් ගැවසෙන වනය හරහා ඇළදොළ පසුකරමින්. ගමට නුදුරින් පිහිටි යහන්ගල පර්වතය අලංකාර දසුනක් මවා පානවා. වාහනයක් තබා පාපැදියක්වත් මේ ගමට රැගෙන යන්න බැහැ.
අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල දොළ පාරවල් පිහිටා තිබෙනවා. ගලින් ගලට පනිමින් ගස්මුල් මඟහරිමින් තමයි මේ ගමන යායුත්තේ. මහා වැසි කාලයට විශාල දොළ පාරවල් උතුරා යන නිසා ගැමියන් නගරයට ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ. ජලය බැස යනතෙක් කඳු මුදුනේ ගමේ ම 'ලොක්ඩවුන්' වෙන්න සිදුවෙනවා.
ගමට මහ පාරේ සිට කිලෝ මීටර් 12ක් පා ගමනින් යා යුතුයි. එහි මුල් කිලෝ මීටර් 4 ට්‍රැක්ටර් වැනි වාහනයක් ගමන් කළ හැකි කඩතොලු සහිත ගුරු පාරක් වුවත් ඉන්පසු කිලෝ මීටර් 8ක් පයින් ම ගමන් කළ යුතු වෙනවා.
පොළට ගොස් එන්නට මුළු දවසක්
ගලමුදුන ගම්වාසීන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට විල්ගමුව,කොලොන්ගොඩ, හසලක, හඳුන්ගමුව වැනි ආසන්න නගර කරා යායුතු වන්නේ කැලෑව මැදින් අඩි පාරවල් දිගේ පැමිණීමෙන්. මේ නගරවල සති පොළ පැවැත්වෙන දිනයට තමයි ඔවුන් වැඩිපුර එහි යන්නේ. ඒ ගමනේ දී සුළුගුණේ අසලින් ගලා යන හීංගඟට බැස ගඟ හරහා පා ගමනින් එගොඩ විය යුතුයි.
ඒ, ගමෙන් ලබාගත නොහැකි පාන්පිටි, කිරිපිටි, සීනි, තේකොළ, භුමිතෙල්, ලුණු, මිරිස් ආදී දේ ලබාගන්නටයි. නැත්නම් ඇඳුමක් මිල දී ගැනීමටයි. එය දවසක් ගතවන වැඩක්. උදේ පාන්දරින් පිටත්වුණහ ම හැන්දෑවන විට තමයි ආපසු එන්න ලැබෙන්නේ.
හුන්නස්ගිරිය, මීමුරේ ඉහළ කඳුකරයෙන් ආරම්භ වී ගලා බසිනා හීං ගඟේ ජල මට්ටම නොසිතූ ලෙස විටින් විට අඩු වැඩි වීමේ හේතුවෙන් මෙම ගමන ද විශ්වාසදායි ගමනක් වන්නේ නැහැ. ජලය වැඩි වූ දිනවල දී ජල මට්ටම අඩු වන තෙක් ගං ඉවුර ටවී රැඳී සිටීමට ඔවුන්ට සිදුවෙනවා.
ගම්මුන්ගෙන් බහුතරයක් ඉඳහිටවත් නගරයකට යන්නේ නැහැ. පසුගිය කාලයේ මේ ගඟ හරහා පාලමක් ඉදි කළත් එය දෙවසරකට පසුව ගංවතුරට හසු වී කඩාගෙන ගියා. ඊට පසු යළිත් එය ඉදිවුණේ නැහැ.
අව්‍යාජ ජන දිවිය
නගරයේ සංකීර්ණ සමාජයෙන් ඈත් ව පිහිටීම නිසා දෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනහව ගම තවත් සුන්දර කරවනවා. මෙහි ගැමියන් කිතුල් රා නිපදවීම, හකුරු තැනීම, බෝග වගාව, සහ එනසාල් වගාවත් සිදු කරනවා. බොහෝ නිවාස ඉදිකර තිබෙන්නේ කටුමැටිවලින්. සැකිල්ල තනා තිබෙන්නේ වනයේ දැවදඬු, කැලෑ වැල්වලින් ගැටගැසීමෙන්. නිවෙස්වලට මානා හෝ ඉලුක් සෙවිල්ලා තිබෙනවා. ගඩොලින් තනපු නිවාස කිහිපයක් ද දැකගත හැකියි.
නිවෙස්වලට විදුලි බලය නොමැති අතර පසුගිය කාලයේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ගමට ක්‍රියාත්මක වුණා. නිවෙස් කිහිපයකට සහ පාසලට සූර්ය විදුලිය ලැබී තිබෙනවා. ඉවුම් පිදුම් කටයුතු කරන්නේ දර ආධාරයෙන්. භුමිතෙල් කුප්පි ලාම්පුවලින් තමයි රාත්‍රියට ආලෝකය ලබාගන්නේ.
ගමේ කාන්තාවන්- youtube.com
ගලමුදුනේ ගැමියන් කෘෂි කර්මාන්තයෙන් දිවිගෙවන අතර එනසාල් වගාව ද කිතුල් ගසින් කරන නිෂ්පාදන ද නිපදවනවා. ඔවුන් සහල් ලබා ගන්නේ තමන්ගේ කුඹුරුවල අස්වැන්නෙන්. එම හෙල්මළු ලියැදි කඳුබෑවුම්වල දැකගත හැකියි. බත් මෙන් ම කුරහන් තලපත් ආහාර වේලට අඩංගු වෙනවා. බඩඉරිඟු, කුරහන් ආදිය දුම්මැස්සේ අටුවල අසුරා ඇත්තේ එක පොකුරක් ලෙස එල්ලා තැබීමෙන්. ළිපෙන් එන රස්නයට ඒවා වියළී කල්තබාගත හැකි සේ සකස් වෙනවා.
ඊට අමතර ව කොස්, දෙල් ආදී ආහාර ද බතල, මයියොක්කා, හිඟුරල, රාජාල වැනි අල වර්ග ද ආහාර වේලේ සුලබයි. ඉස්සර නම් වනසතුන් දඩයමත් දකින්න ලැබුණා. අද නම් එය කලාතුරකින් තමයි සිදුවන්නේ. සහල් කෙටීම සිදුකරන්නේ වීමෝල්වලින් නොව වංගෙඩිය සහ මෝල්ගස ආධාරයෙන් නිවසේදී ම යි.
ගමේ සරල නිවාස - janithck.wordpress.com
ගමේ බොහොමයක් නිවෙස් කටුමැට්ටෙන් ඉදිකර ඉලුක්, මානා හෝ පිදුරු සෙවිලි කර තිබෙනවා. බිත්තිවල මකුළු මැටි ආලේප කර ගෙබිමට ගොම මැටි ආලේප කර තිබෙනවා. මෙහි එකදු නිවෙසකවත් ගෑස් හෝ විදුලි උදුන් භාවිත කරන්නේ නැහැ. සියලු ඉවුම්පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙන්. දර, අවට වනයෙන් පහසුවෙන් සොයා ගත හැකියි. නිවෙස් අමදින්නේ කැලෑවේ වැවෙන කොරකහ වැනි පඳුරු වර්ග කපා වියළා ගත් ඉලපත්වලින්. පොල්කොළ හා පන්වර්ගවලින් සැකසූ වට්ටි, පෙට්ටි, පැදුරු, මාගල් නිවසේ භාවිතයට යොදාගන්නා ආකාරය දැකිය හැකියි. මේ නිසා එහි ප්ලාස්ටික් භාවිතය අවමයි.
ගමට ක්‍රීඩා පිටි කිසිවක් නැහැ. ක්‍රීඩා පිටි තැනීමට සමතලා බිමක් සොයාගැනීමත් ලේසි නැහැ. ඔවුන් සෙල්ලම් කරන්නේ අස්වනු කපා පාගාගත් ගමේ වෙල්යායේ. උදේ පටන් රෑවන තුරු වගාබිම්වල, හේන්වල වැඩකරන ගම්මු හැන්දෑවට දොළ පාරකින් ස්නානය කර කාබී අඳුර වැටෙද්දි නින්දට යාම සිරිතක්. ගමේ කිහිපදෙනකු ආගිය තොරතුරු කතාකරමින් බුලත් විටක් කෑම තමයි ඔවුන්නේ විනෝදය වන්නේ. එකිනෙකා අතර රණ්ඩු දබර කෝන්තර හරි ම අඩුයි. සාමුහිකත්වයෙන් එකිනෙකාගේ වැඩට උදව්පදව් වෙමින් තමයි ගලමුදුන ගම්මුන් ජීවත් වන්නේ. මෙවැනි දුෂ්කර ගමක ජීවත්වීමේ අවදානම මඟහරවා ගන්නට සාමූහික දිවිය උදව් වෙනවා.
අප මෙයට පෙර පළ කළ දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන පිළිබඳ ලිපියත් ඔබට මෙතැනින් කියවන්නට පුළුවන්.
(Courtesy: Roar)
02 October 2020
කන්ගනා රනාවුත්: බොලිවුඩ් පතාකයන් සමග යුද වැදි තාරකාව
ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව මේ මොහොතේ කුණාටුවකට මුහුණ දී සිටී.
හින්දි සිනමාව මුහුණ පා ඇති මේ ගැටලුකාරී තත්ත්වය මැද සිටින්නේ කන්ගනා රනාවුත්ය. තිස්තුන් හැවිරිදි සිනමා තාරකාව ඇයගේ සහෝදර නළු නිළියන් සමග යුද වැදී ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සති කිහිපය තුළ, කර්මාන්තයේ ඉහළින් වැජඹෙන පතාක යෝධයින් හට, ඥාති සංග්‍රහය (Nepotism) සහ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඇය චෝදනා එල්ල කළාය. එහිදී නළු නිළියන් කිහිප දෙනෙකුම නිර්දය ලෙස විවේචනය කළ ඇය සෙසු සිනමා තරු මත්ද්‍රව්‍ය ගනුදෙනුවලට සම්බන්ධ බවට ද චෝදනා කළාය. කන්ගනා විසින් බොලිවුඩය හඳුන්වනු ලැබුවේ කසල ගලා යන "කාණුවක්" ලෙසිනි.
28 September 2020
මියගිය LTTE සාමාජිකයෙකු අනුස්මරණය කරන්න අවසර නොදුන්නැයි උතුරු - නැගෙනහිර අද හර්තාල්
උපවාසයේ යෙමින් ජිවිතක්ෂයට පත් එල්ටිටිඊ සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන දිලීපන් ගුණ අනුස්මරණය සැමරීමට රජය එරෙහිවීම හෙළාදකිමින් අද දිනයේදී නැගෙනහිර පළාත මුල් කරගෙන ඉලංකෛ තමිල් අරසු පක්ෂය ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම් කිහිපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල හර්තාල් ව්‍යාපාරයක් අද (28) දියත් කෙරුණා.
සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක්
ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය දක්වනු ලැබුවා. එලෙස විරෝධය දැක්වූ පාර්ශවයන් පවසා සිටියේ එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංවේදී පරිසර පද්ධතියක් තිබෙන සිංහරාජ වනාන්තරයට දැඩි හානියක් සිදුවන බව යි. 1989 වසරේ දී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කළ සිංහරාජ වනාන්තරය ගැන බොහෝ දෙනෙකු මේ දිනවල උනන්දුවක් දක්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...
-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇල...