16 May 2019

පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරිය


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජාත්‍යන්තර තරග තීරක මඩුල්ලට පළමු වරට කාන්තාවක පත් කර තිබේ. එසේ පත් කර ඇත්තේ, ඉන්දීය ජාතික තරග තීරකවරියක වන ජීඑස් ලක්ෂ්මීය.

51 හැවිරිදි ලක්ෂ්මී ඉන්දීය කාන්තා ක්‍රිකට් තරග තීරකවරියක ලෙස කටයුතු කළාය. නව පත්වීම අනුව ඇයට වහා ම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරියක ලෙස සේවය කළ හැකිය.

"මේ හරහා නව මං විවෘත වන නිසා මේ පත් කිරීම මට ලොකු ගෞරවයක්," ලක්ෂ්මී පැවසීය.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ එලොයිස් ෂෙරිඩන් අයිසීසී විනිසුරු මඩුල්ලට ඇතුළත් කර ඇති අතර ඒ සමග කාන්තා ජාත්‍යන්තර විනිසුරුවන් සංඛ්‍යාව 8 දෙනෙක් බවට පත්ව තිබේ.

ඔස්ට්‍රේලියානු ජාතික විනිසුරුවරියක වන ක්ලෙයාර් පෝලෝසැක් පිරිමි එක්දින ක්‍රිකට් තරගයකට එක් වූ පළමු කාන්තා විනිසුරු බවට පසුගිය දා පත් වුවාය.

"අපි අපේ විනිසුරු මණ්ඩල සඳහා ලක්ෂ්මී සහ එලොයිස් සාදරයෙන් පිළිගන්නවා. කාන්තා නිලධාරීන් දිරිමත් කිරීම සඳහා අප කරන කැපවීමේ වැදගත් පියවරක් මේක," ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඒඩ්‍රියන් ග්‍රිෆිත් පැවසීය.

"අපේ නිලධාරීන් අතර ස්ත්‍රී පුරුෂ සමානතාවක් ඇති කරන්න අපි උත්සහ කරනවා. ඒත් මේ සියලු පත් කිරීම් කළේ සම්පූර්ණයෙන් ඔවුන්ගේ සුදුසුකම් මත පමණයි."

"ඔවුන් දක්වන ඉහළ දක්ෂතා හේතුවෙන් අපේ විනිසුරු මණ්ඩලවලට තවත් කාන්තාවන් එක් කරන්න අපට හැකිවීම සතුටට කරුණක්"

මේ වන විට, ක්‍රිකට් තරග විස්තර විචාරකයින් වශයෙන් ද කාන්තාවන් කිහිප දෙනෙක් ම කටයුතු කරති.

(Courtesy : BBC)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...