06 August 2017

ඈත පිටිසර ගමකින් පැමින ලෝකයේම ලාබාල ගුවන් නියමුවරිය වූ රූමත් යුවතිය

ජිවීතයේ අගහිගකම් හා දුෂ්කරතා මැද සිය සිහින හා බලාපොරොත්තු අත්හැර දැමීමට බොහෝ දෙනා පෙළඹෙනවා.

සාර්ථක පුද්ගලයන් ලෙස ඉතිහාසගත වන්නේ නොයෙකුත් දුෂ්කරතා හා බාධක මැද සිය අරමුණු හා සිහින අත් හැර නොදමා කැපවීමෙන් ක්‍රීයා කොට සිහින යථාර්තයක් කර ගත් පුද්ගලයන්.

දුප්පත් ගමක ඉපිද සිය දෛවයට අභියෝග කරමින් එලෙස කැපවීමෙන් ක්‍රීයා කර සිය සිහිනය ජය ගත් යුවතියකගේ කතාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වේ.

ඇය ඇනී දිව්‍යා . ලෝකයේ ලාබාලතම ගුවන් නියමුවරිය ලෙස වාර්තාවක් උසුලන ඇය ඉන්දීයා ගුවන් සමාගමේ ගුවන් යානයක අණදෙන නිලධාරිනියක ලෙස සේවය කරනවා

ඉන්දියාවේ දුෂ්කර ප්‍රදේශයක ඉපිද ළමා වියේ සිටම ගුවන් නියමුවරියක් වීමේ සිහිනයක් ඇයට තිබුනද ඒ සදහා කළ හැකි දෙයක් ඇය දැන සිටියේ නෑ.

ගුවන් නියමුවරියක් වීමට බොහෝ උත්සාහ කොට පසුව පසුව අහම්බෙන් දකින පියාසර පුහුණු පාසලක දැන්වීමකට අයදුම්පත්‍රයක් යොමු කරන දිව්‍යාට ගුවන් යානා පැදවීම සඳහා පුහුණු වීමට අවස්ථාව උදා වනවා.

මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඇනී දකුණු ඉන්දියාවේ දුරබැහැර විජයවාඩා නගරයේ සිට උත්තර ප්‍රදේශ් වෙත පැමිණි තමන්ට ජය ගත යුතු බොහෝ බාධක මැද දෙමව්පියන්ගේ සහයෝගයෙන් වයස අවුරුදු 19 දී පුහුණුව අවසන් කර එයාර් ඉන්දියා ගුවන් සමාගමේ රැකියාව ලබා ගැනීමට සමත් විය.




No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...