ඉන්දියාවට පන්නා පන්නා ගහපු සුපිරි ගැහිල්ලත් එක්ක ලංකාවේ ක්‍රිකට්
පිස්සෝ ටික මේ දවස් ටිකේ නම් ඉන්නේ සතුටෙන්.මේ ජයත් එක්කම ශ්‍රී ලංකා
කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේදී පෙරළිකාර දෙයක් කරාවි කියලා බොහෝ දෙනා
සිතමින් ඉන්නවා.
ක්‍රිකට් පිස්සෝ ගැන කතා කරද්දි ජමීල් හසන් ගැන නොකියම බෑ..කවුද මේ ජීම්ල් හසන්?
ඊයේ (09) මෙරට සමාජ ජාල වෙබ් අඩවි වල, එදා තරඟය අතරතුර ලංකාවට චියර් කරන
තරුණයෙකුගේ වීඩියෝවක් අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.ඒ තරුණයා තමයි ජමීල්
හසන්.
ජමීල් ක්‍රිකට් පිස්සෙක්.ක්‍රිකට් පිස්සෙක්ටත් වඩා ජමීල් ලංකාවේ
ක්‍රිකට් රසිකයෙක්..පාකිස්ථානුවෙකු වෙලත් ජමීල් ලංකාවේ ක්‍රිකට් වලට මෙතරම්
ආදරය කරන්නේ ඇයි? ඒ ගැන දැනගන්න නෙත් ගොසිප් අපි ජමීල්ව පුංචි කතාබහකට
එකතු කර ගත්තා.
‘‘මම ලංකාවට සපෝට් කරන්නේ පොඩි කාලේ ඉඳන්මයි.මම ලංකාවට නිතර එනවා යනවා.
ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අන්තිමට ආවේ.‘‘කියලා ජමීල් කියනවා.
ජීමීල් ලංකාවේ ක්‍රිකට් වල මෙතරම් රසිකයෙක් වුනේ කොහොමද?ඒ කවුරුන්
නිසාද?කැමති ක්‍රීඩකයෙක් ඉන්නවද කියලත් අපි ජමීල්ගෙන් ඇහුවා.ඒකට ජමීල්
දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
‘මම මහේලට පොඩි කාලේ ඉඳන්ම කැමතියි.. මහේල නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෙච්චර ලොකු රසිකයෙක් වුනේ‘
ඒ විතරක් නෙමෙයි ලංකාව හා පකිස්ථානය අතර තරඟයක් තිබුණොත් ඒ තරඟයේදීත් ඔහු චියර් කරන්නේ ලංකාවට කියලා ජමීල් කියනවා.
‘‘ලංකාවයි පාකිස්තානයයි අතර තරඟයක් තියෙනවනම් මම අනිවාර්යෙයන් ආපහු
ලංකාවට එනවා.ඒ තරඟයෙදීත් මම චියර් කරන්නේ ලංකාවට...මම මැරෙනකන්ම ලංකාවේ
ක්‍රිකට් රසිකයෙක්‘‘ කියලා අවසාන වශයෙන් ජමීල් අපි එක්ක කිව්වා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...