12 May 2017
මගේ හැම දේකටම අක්ක ඉන්නවා
කෙටි කාලයක් තුළ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සහ මේ වන විට ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් වල සහ Music Video වල බොහෝ සේ දකින ඇය දිනූෂා සිරිවර්ධනයි. ඇයගේ එදිනෙදා කටයුතු පිළිබඳ සාරවිට කතාබහට එක්වූයේ මෙලෙසිනි.
ඉතිං කොහොමද දිනූෂා මේ දවස් වල වැඩකටයුතු..?
"මේ දවස්වල ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සහභාගී වෙමින් රූගත කිරීම් කරමින් කාර්යබහුල ගමනක තමයි ඉන්නේ. ඊට අමතරව අප්‍රේල් 03 වෙනිදා පැවැත්වෙන දෙරණ අවුරුදු කුමරිය අවසන් තරගයට සහභාගී වෙන්න සූදානම් වෙනවා.."
දිනූෂා, මේ වෙනකොට මොනවද ඔයා සහභාගි වෙලා තියෙන රූගත කිරීම්?
"මේ වෙනකොට ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් කරනවා. ඒ ITN නාළිකාවේ විකාශය වන "ආදර වැස්ස", සිරස නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" යන ටෙලි නාට්‍ය. ඊට අමතරව ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිත ඉෂාර මධුරසිංහ ගයන "පාලුවේ මා හැරදාලා" සහ ශෂිකා නිසංසලා ගයන "නවතින්න හිත අස්සේ" යන Music Video සඳහා තමයි මා රංගනයෙන් දායක වන්නේ.
දිගටම වෘත්තියේ ඉන්නවද? නැත්නම් විනෝදාංශයක් ලෙස සිදුකරනවාද?
ඔව්. ඉදිරියට ලැබෙන අරාධනා වලට මගේ රංගන දායකත්වය දෙමින් මම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
මේ ක්ෂේත්‍රයට එන්න උදව් කළ අය කවුද?
ඇත්තටම මට මේ තැනට එන්න මගේ හැමදේකටම මගේ ළඟින් ඉන්නේ අක්කා. ඊට අමතරව දීපාල් අයියා, ලලිත් වසන්ත මහතා, සජීව අයියා යන හැමෝම, මගේ මේ ගමනට ගොඩක් උදව් කළා. ඒ අයට මම ගොඩක් ස්තූති කරනවා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...