ගංවතුරෙන් යටව තිබූ ප්‍රදේශවල ජල මට්ටම අඩුව ගියත් නැවත සිය නිවෙස් වෙත නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
නිවෙස්වලට නැවත යන ලෙස නැවත දැනුම් දෙන තුරු දැනට සිටින ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
සඳුදා (මැයි 29) සවස සහ අඟහරුවාදා නැවත ධාරානිපාත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් එසේ ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
ගංවතුරෙන් යට වූ ප්‍රදේශ ගණනාවක ජලය බැස යමින් තිබෙන බව වාර්තා වේ.
ජල ගැලීම් ගුවනින් දුටු ආකාරය
කෙසේ නමුත් නැවත සුළු වර්ෂාපතනයක් ඇති වුවත් නාය යාම් ඇති වීමේ අවදානමක් පවතින බැවින් ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
නාය යාම් හමුවේ පස් කඳු වලට යට වී මිය ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩ ගැනීම අද දින ද සිදු විය.
ඒ අනුව ගංවතුර සහ නාය යාම්වලට ගොදුරු වී මරණයට පත් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 4,800 පමණ විනාශ වී ඇති බව බලධාරීහු පවසති.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...