මහරගම , පන්නිපිටිය මං සන්ධියේ පිහිටි පැරණි බෝ ගස කපා ඉවත් කිරීමට
මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණය අත්හිටුවමින් ශ්‍රී ලංකා
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
ශ්‍රී
ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය එම වාරණ නියෝගය නිකුත් කරණ ලද්දේ බෝ ගස කපා ඉවත්
කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගන්නා ලද තීරණය අත්හිටුවන ලෙස
ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක්
සැලකිල්ලට ගණිමිනි.
අදාළ කාරණය සම්බන්ධයෙන් ලබන මැයි මස නම (09)
වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මහාමාර්ග ඇමති ලක්ෂ්මන්
කිරිඇල්ල සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි
නිකුත් කර ඇත.
පන්නිපිටිය බෝ ගස ඓතිහාසික වටිනාකමක් සහිත බෞද්ධ උරුමයක් බව පෙත්සම්කරුවෝ පවසති.
මාර්ගය
පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා යයි පවසමින් එම බෝ ගස කපා ඉවත් කිරීමට
මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන යන ක්‍රියාකලාපය මගින් ප්‍රදේශයේ බෞද්ධ
ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කෙරෙන බවත් ඔවුහු සිය පෙත්සම මගින් කියා
සිටිති.
එසේම බෝ ගස කැපීමෙන් තොරව මහාමාර්ගය පුළුල් කළ හැකි බවත් ඔවුන්ගේ පෙත්සමෙහි දැක්වෙයි.
ඉදිරිපත්
වූ කරුණු සලකා බලමින් ඉහත කී තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මී
ළඟ නඩු විභාගය මැයි මස නව වෙනි දින කැඳවන මෙන් නියෝග කළේය.
මූලාශ්‍ර - බීබීසී
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...