චතුරිකා පිරිස් කියන්නේ පුංචි තිරයේ වර්ෂ ගණනාවක් පුරා සිය රංගනයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත චරිතයක්. මේ ඇය සමග කළ කතාබහක්.
ගයාන්ගේ පුතා අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දෙයක් ඉල්ලුවේ නැද්ද ?
එයාට හැමදාම විශේෂයි. හැමදාමත් එයා කැමති දේවල් අපි අරන් දෙනවා. ඒ නිසා
අවුරුදු කියලා පුතා අපෙන් විශේෂ දෙයක් ඉල්ලුවෙත් නැහැ. එයත් අපිත් එක්ක
කොග්ගල යනවා. අවුරුදු සමරන්න.
චතුරිකාව දැන් වැඩිය නිර්මාණ වලින් දකින්න ලැබෙන්නේ නැහැ. අලුත් නිර්මාණ ගැන කතා කළොත්?
මම රංගනයෙන් දායකත්වය ලබා දුන්න ටෙලි නාට්‍ය දෙකක් දැන් විකාශය වෙනවා.
අපේම නිෂ්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදේම ලෑස්ති කරගන්න ගයාන්ට
විවේකයක් නැහැ. එයා වෙනත් නිර්මාණ කිහිපයක වැඩ භාර අරගෙන ඉන්න නිසා.
ගයාන්ගේ අවිවේකි තත්ත්වය අඩු වුණ ගමන්ම ලස්සන ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කරන්න
බලාපොරොත්තු වෙනවා.
ඔබත් ගයාන් දෙදෙනාමත් කාර්යබහුල වෙද්දී ගයාන්ගේ පුතාව බලාගන්නේ කවුද?
ගයාන් විතරයි පිට පළාත්වල රූගත කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. මම කොළඹ
අවටම ඉන්නවා. ඒ නිසා මට වැඩි කාලයක් පුතා එක්ක ඉන්න පුළුවන්. පුතාව බලාගන්න
වෙනම කෙනෙකුත් ඉන්නවා. නමුත් එයා ගැන මම නිතරම හොයලා බලනවා. මොකද එයා ඉගෙන
ගන්නේ එයාගේ පස්සෙන් ඉදලා එයාව උනන්දු කළොත් විතරයි.නැත්තම් පාඩුවේ ඉන්න
උත්සහා කරනවා.අපි එයාට උනන්දු කළොත් එයා හොදට ඉගෙන ගන්නවා. දක්ෂයි ඉගෙන
ගන්න.
පුතා දැන් පාසැල් යනවා නේද? ඔහුට පාසලේදී ලැබෙන ප්‍රතිචාර ගැන මොකද කියන්නේ?
එයත් මේ දවස්වල ජනප්‍රිය චරිතයක් වෙලානේ. ඒ නිසා එයත් එක්ක හැමෝම කතා
කරනවා කියලා පුතා ගෙදර ඇවිත් කියනවා. අතිරේක පන්තිවල නම් එයාට යාලුවෝ
දෙන්නෙක් ඉන්නවා කිව්වා. මම පුතාට කිව්වා කල්ලි ගැහෙන්න නම් එපා හැමොත්
එක්කම හොදින් ඉන්න කියලා.
ඔය පුතා නිසාම චතුරිකාටත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුණා.ඒ සිදුවීම්
වගේම පැතිරුණ කතා නිසා චතුරිකාගේ නමට හානියක් වුණා කියලා හිතෙන්නේ නැද්ද?
මම ඒ කිසිදෙයක් ගැන හිතන්නේ නැහැ. මොකද ඇත්ත කවදා හරිම එළිවෙන නිසා. මම
නම් අනුන්ගේ දේවල් හොයන්න යන්නේ නැහැ. නමුත් ඔය කතා හොයන මිනිස්සු හරහා හෝ
ඇත්ත හරිම ඉක්මනට එලියට එයි.දැනටමත් ඇත්ත 60% ක් විතර එළියට ඇවිත්
තියෙන්නේ. ඔය විදිහට ඇය මඩ ප්‍රචාර යවන්නේ ඇයි කියන්න දන්නේ නැහැ. දරුවා
මිට වසර එකයි මාස දෙකකට කලින් දරුවාව අපිට භාර දුන්නේ ඇයි? ඇයි රට ගියේ?රට
ගියේ කාගේ වුවමනාවටද කියලා ඇය දන්නවා. දරුවාව ඕන නම් අපිට දුන්න කාලේම
ඉල්ලා ගන්න තිබුනා. මොනා වුණත් ඇගේ හෘද සාක්ෂිය දන්නවා ඇති මොකක්ද ඇත්ත
කියලා.
විදෙස් ගතව ඉන්න ඇයට පෙම්වතෙක් ඉන්න බවත් සදහන් වී තිබුණා ?
එයාට පෙම්වතෙක් ඉන්නවා කියලා තමයි අපිටත් ආරංචි වුණේ .
ඇය ඉන්පසුව පුතාට කතා කළේ නැහැ කියලත් ආරංචියි?
පුතා දවස් දෙකක් ඇයට කතා කරලා තිබුණා. එක දවසක ඇය කතා කරලා බිසී කතා
කරන්න වෙලාවක් නැහැ කියලා ෆෝන් එක තියලා අනිත් දවසේ ආන්ස්වර් කරලා නැහැ. ඊට
පස්සේ පුතා කතා කරන්න උත්සහා කරලා නැහැ.
ඔය කතාන්දර නිසා චතුරිකාට ලැබුණු ප්‍රේක්ෂක ආදරේ අඩු වෙලා නැද්ද?
මම පහුගිය අවුරුදු පහට ටෙලිනාට්‍ය දෙක තුනකට සම්බන්ධ වෙලා ඇති. ඒත් මම
සෝෂල් මිඩියා නිසා වැඩිපුර කතාබහට ලක් වුණා. මොන දේ වුණත් මට ආදරේ කරන අය
මට ආදරෙයි. ඒක අඩු වෙලා නැහැ.මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් ඉවරයි දැන්.
හැමදාමත් කල් යන විවාහ උත්සවය මේ අවුරුද්දේ පවත්වනවා කියලා ආරංචියි?
ඔව්. එක එක හේතු නිසා අපේ විවාහ උත්සවය ගන්න බැරි වුණා. අවුරුදු කාලේ
ඉවර වුණ ගමන්ම ඒකට ලෑස්ති වෙන්න හිතාගෙන ඉන්නේ. මේ අවුරුද්ද ඉවර වෙන්න
කලින් තමයි වෙඩින් එක ගන්න හිතාගෙන ඉන්නේ.
හැමදාම ගයාන්ගේ පුතාව හුරතල් කරන්න බැහැනේද?
මමත් අම්මා කෙනෙක් වෙන්න ආසයි .මම වැඩිපුරම කැමති දුවෙක්ට.කවදා හරි දවසක මම දුවෙක්ව හදන්න බලාපොරොත්තු වෙනවා.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...