ගබ්සා තහනමට අදාළ නීතිය සම්බන්ධයෙන් අසාමාන්‍ය පියවරක් ගනිමින් ඇමරිකාවේ
ටෙක්සාස් ප්‍රාන්ත දේශපාලනඥවරියක පිරිමින් ස්වයං වින්දනයේ යෙදීමට එරෙහිව
නීති පැනවීමට යෝජනා කරයි.
සිය නීති කෙටුම්පතේ අරමුණ නොඉපදුණු දරුවන් ආරක්ෂා කිරීම බව ඇය පවසන්නීය.
ඇය
පවසන්නේ ස්ත්‍රී ලිංගයකින් පිටතදී හෝ සෞඛ්‍ය සේවා ස්ථානයක අවශ්‍යතාවක්
සඳහා නොවන අවස්ථාවකදී කෙරෙන ජන්මාණු මුදාහැරීමක් සඳහා ඩොලර් 100 ක දඩයක්
නියම කළ යුතු බවය.
යම් පිරිමියෙක් එවැනි ජන්මාණු පිට කිරීමක් කරන්නේ
නම් "එය නූපන් දරුවෙකුට එරෙහි ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි" යනුවෙන් ඇය
ප්‍රකාශ කළාය.
ටෙක්සාස් ප්‍රාන්ත මහජන මන්ත්‍රී මණ්ඩල සාමාජිකාවක වන
ජෙසිකා ෆැරාර්, යෝජනා අංක 4260 යටතේ පසුගිය සතියේදී ඉදිරිපත් කළ කෙටුම්පත
නීතියක් වශයෙන් සම්මත නොවන බව ඇය දනී.
එහෙත් ඇය තර්ක කරන්නේ,
කාන්තාවන්ට තම ගර්භණීභාවය පවත්වාගත යුතුද, නැතිද යන්න තීරණය කිරීම
වළකාලමින් ටෙක්සාස් ප්‍රාන්තය විසින් පනවනු ලැබ ඇති නීතිවලට වඩා තමා ගෙන එන
යෝජනාව දරුණු නොවන බවය.
පසුගිය කාලය තුළ කාන්තා අයිතිවාසිකම් වලට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනා
මාලාවකට අයත් නවතම යෝජනාවකට විරෝධය දැක්වීමක් ලෙසට ඇය තම යෝජනාව ඉදිරිපත්
කළාය.
ඇයගේ විරෝධතාවට ලක්වූ නවතම යෝජනාවට අනුව ස්වභාවික හෝ සායනික
ගබ්සාවකින් පසු පිටතට ගැනෙන නොමේරූ කළල භූමදානය කරන්නේද නැතහොත් ආදාහනය
කරන්නේද යන්න පිළිබඳ තීරණය කිරීමට කාන්තාවට බලකෙරේ.
පසුගිය අගෝස්තු මාසයේදී එම යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ සෙනෙට් සභික
ඩොන් හෆින්ස් ප්‍රකාශ කළේ " සෑහෙන කාලයක් තිස්සේ ටෙක්සාස් පාලනය අප අතර
ඉන්න වඩාත්ම අහිංසකයින් (දරු කළල) දෛනික කසළ සමග ඉවත දමන්න ඉඩදීලා තිබුණ"
යනුවෙන් පැවසීය.
මෙම චෝදනාව පිළිබඳව වෙනත් ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නට ජෙසිකා ෆැරාර් තීරණය කළේ ඉන් පසුවය.
"මම මේ ගැන කල්පනා කළා, පාත්තයාට හොඳ දේ උයන්පල්ලාටත් හොඳයි කියල කියමනක්
තියනවනෙ" යනුවෙන් බීබීසී සමග පැවසූ ඇය "අපි ගබ්සාව පිළිබඳව මෙහෙම තීරණය
කරන්නෙ ජීවිතයක තියන පූජනීයත්වය ගැන හිතල නම්, එවැනි පූජනීය ජීවිත නිර්මාණය
කරන මූල බීජත් විනාශ කළ යුතු නැහැ" යනුවෙන් ඇය පැවසුවාය.
එහෙත් ඇගේ ප්‍රතිවාදීන් එයට එකඟවූයේ නැත. එක් ට්විටර් පණිවුඩයක දැක්වුණේ
සරු භාවයට පත්වූ කළල පමණක් ආරක්‍ෂා කලයුතු බවය. එසේනම් කාන්තාවන්ගේ මාස්
ශුද්ධිය සඳහාද නීති පනවන්නේදැයි ඒ මගින් විමසා තිබුණි.
වසර 2014 දී බල ගැන්වුණු සති හතක කළලයක් ඖෂධ ආධාරයෙන් ගබ්සාකරවීම තහනම්
කිරීමේ නීතිය පසුගිය වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වෙනස් කළ ද ඇමරිකාවේ
පවතින වඩාත් සීමාකාරී ගබ්සා නීති පවතින්නේ ටෙක්සාස් ප්‍රන්තයේය.
ටෙක්සාස්
ප්‍රාන්තයේ සායන මගින් ගබ්සාව සඳහා පහසුකම් සලසන්නේ ඉතා අල්ප වශයෙනි.
ටෙක්සාස් ට්‍රිබියුන් පුවත් පතට අනුව 2016 ජූනි මාසය වනවිට ගබ්සා සායන
19ක් පවතී අතර ඉන් වැඩි ප්‍රමාණය පිහිටියේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවය.
කාන්තාවන්ට
ගබ්සාවේ ඇති ආදීනව පෙන්වාදෙන දේශන වලට සහභාගීවීමට සහ ඡායාරුප නැරඹීමට බල
කිරීම පිළිබඳවද ජෙසිකා ෆැරාර් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දැක්වූවාය. ස්ත්‍රී
ලිංගය ආශ්‍රිත 'අල්ට්‍රා සෞන්ඩ්' ක්‍රමවේදයකට දරු කළලයේ හෘදස්පන්දනයට
සවන්දීමට සැලැස්වීම මෙන්ම ගබ්සාව හේතුවෙන් පියයුරු පිළිකා ඇතිවීම වැනි සනාථ
නොකළ තොරතුරුවලට සවන්දීමට ද කාන්තාවන්ට සිදුවේ.
ටෙක්සාස් හි 'නිව්
වේව් ෆෙමිනිස්ට්' නම් සංවිධානය පවසන්නේ කාන්තාවන්ට සහයවීම ඔවුන්ගේ අරමුණ
වුවද දරු කළලය සතු අයිතිය පිළිබඳවද ඔවුන් සළකා බලන බවය.
ඇමරිකාව පුරා
නීති සම්පාදකයන් විසින් ගබ්සාව පිළිබඳව නව නීති යෝජනා කර ඇත. ඒ අනුව
ගබ්සාවක් කරගැනීමට පෙර තම ලිංගික සහකරුගේ අවසරය ලබාගතයුතු බවට ඔක්ලහෝමා
ප්‍රාන්තයේ කාන්තාවන්ට බලකෙරෙන නව නීතියක් ද වේ.
මූලාශ්‍ර : BBC
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...
No comments:
Post a Comment