එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සටන් කළ
'රණවිරුවන්ට' කිසියම් ගැටලුවක් මතුවන්නේ නම් ඔවුන් ආරක්ෂා කිරීම පිණිස
කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ බදාදා කුරුණෑගල පැවති උත්සව සභාවක් අමතා අදහස් දක්වමිනි. "අපි සැමවිටම යුද්ධය කළ රණවිරුවන් ආරක්ෂා කරන එක අපේ වගකීමක් සහ යුතුකමක් ලෙස ඉතාමත්ම ඉහලම ලෙස අපි ඉෂ්ඨ කරනවා," ඔහු පැවසීය.
එහෙත් යුද්ධයෙන් පරිබාහිරව, ජාතික ආරක්ෂාව හා කිසිදු සම්බන්ධයක් නැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කවර අංශයක සේවය කළ ද ඔවුන් ආරක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
"මාධ්‍යවේදීන්, ක්‍රීඩකයන්, වෙනත් විවිධ ක්ෂේත්‍රවල අය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන ඝාතන, පහරදීම්, එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් අපිට ඒ අය රකින්න පුළුවන් කමක් නැහැ," ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මුලාශ්‍ර - බීබීසී