තමන් මුදවාගැනීමට මැදිහත්ව සහයෝගය දුන් ජනාධිපතිවරයාටත්, විදේශ අමාත්‍ය
මංගල සමරවීර මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන්ට මෙන්ම දෙරණ නාලිකාවටද
බෙහෙවින් ස්තූති කරන බව ඒරිස් -13 නෞකාවේ ප්‍රධාන නිලධාරී රුවන් සම්පත්
මහතා පවසයි.
දෙරණ මාධ්‍ය හැමවෙලාවේම තමන්ට කතර කරමින් තොරතුරු විමසූ
බවත්, රටේ අවධානය යොමුකරවන්නට ක්‍රියා කළ බවත් හෙතෙම අද දෙරණට කතා කරමින්
කියා සිටියේය.
තමන් ඇඳ සිටි ඇඳුම්, ජංගම දුරකථනය හැර අන් සියලුම දේ
කොල්ලකරුවන් විසින් පැහැරගත් බව රුවන් සම්පත් මහතා තම ජංගම දුරකථනයෙන් අද
දෙරණ හා එක්වෙමින් අවධාරණය කළේය.
එහිදී ඔහු තමන් ඇතුළු පිරිස මුහුණදුන් අත්දැකීම පිළිබඳ මෙසේ සඳහන් කළේය.
මුලින්ම
13 හවස තමයි ඒගොල්ලෝ ඇටෑක් කරලා අපිව අල්ල ගත්තේ. ඒගොල්ලන්ගේ ලෑන්ඩ් එක
පැත්තට අරන් ගියා අපේ නැව. ඒ අය අතේ ආයුධ තිබ්බා ගොඩක්. ඊට පස්සෙ එතනට වෙන
ටීම් එකක් ආවා. ඒ ටීම් එකට ඒගොල්ලෝ භාර දුන්නා. මේගොල්ලෝ දැන ගත්තා මෙහෙ
ආමි එක ඇටෑක් කරනවා ඒ කියන්නේ බෝට්ටු වටේ කැරකෙනවා කියලා. ඊට පස්සේ වෙන
තැනකට අපේ නැව අරන් ගියා රෑම. ලයිට් ඔක්කොම ඕෆ් කරලා. නැවේ නැවිගේෂන් ඕෆ්
කරා. ඊට පස්සේ ඒත් අපේ නැවේ තියෙන ඒඅයි එක එහෙම ඕෆ් කළේ නැහැ.හොරෙන් කවර්
කරලා තිබුණේ.
ටික වෙලාවකින් වෙනම ටීම් එකක් ආවා ෆලූලා කියලා. ඒ
අය ඇන්කර් එකට නැග්ගා . එතනින් තව ටීම් එකක් ඇවිල්ල ඒගොල්ලෝ බාර අරගෙන
ඇන්කර් කළාම තමයි ෆෝර්ස් එකෙන් ඇටෑක් කළේ. ඇටැක් කරන්න හැම වෙලාවෙම අපිව
එළියට දැම්මා.ඒගෝලෝ ඇටෑක් කරන වෙලාවට උඹලා ඔක්කොම මරනවා කිව්වා.මානසික
අතින් තමයි හුඟගක් වැට්ටුවේ. එක පාරක් වත් ගැහුවේ නැහැ. කැම බීම එහෙම නම්
එච්චර ලොකුවට ලැබුණේ නම් නැහැ.අපේ කෑමත් තිබ්බා . ඒවත් ඒගොල්ලෝ අරගෙන ගියා.
කිසිම දෙයක් ඉතුරු කරලා ගියේ නැහැ.අපිට නම් ඉතින් ඩැමේජ් එකක් වුණේ
නැහැ.නැවට පොඩි පොඩි ඩැමේජස් තිබ්බා.
මේ මුහුදු මංකොල්ලකරුවන්ටම
ඇටෑක් කරන්නට සෝමාලියාවේ ස්පෙෂල් ෆෝර්ස් එකක් තියෙනවා. ඒක සෝමාලියන්
ෆෝර්ස් එකක්. ඒගොල්ලො තමයි අපිව බේර ගන්න ඇටෑක් කළේ. ඊට පස්සෙ කොල්ලකරුවො
බැහැලා ගියාට පස්සේ අපි නැව එළියට ගත්තා. ගන්නකොට මේගොල්ලෝ අපේ නැවට
ඇවිල්ලා නැව බාර අරගෙන අපිත් එකක මේ එන ගමන් තමයි ඉන්නේ.
මුලාශ්‍ර දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...