“ මම එයාගේ ගීතවලින් සැනසුණේ පුංචි බිලිඳියක් සන්ධියේ ඉඳලයි.
මගේ අම්මා කියනවා පොඩි කාලේ මම අඬනකොට මාව නැලවෙන්නේ සෙල්ලම් බඩුවලට වඩා
වික්ටර්ගේ පින්තූර තියෙන කැසට් පටි අතට දුන්නාම කියලා. වික්ටර්ගේ ගීිත
ඇහෙද්දී මට නින්ද යනවා කියලත් අම්මා කියනවා. ඒකයි මම කියන්නේ අපේ ආදරය
සංසාරගත බැඳීමක් කියලා” මෙහෙම කියන්නේ වික්ටර් රත්නායක සමග යුග දිවියට එළඹුණු හෂිනි අමෙන්ද්‍රා රත්නායකයි.
සිනමා පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඇය මෙලෙසත් අදහස් දක්වා තිබුණා.
“මම පුංචි කාලෙදි වික්ටර් ගායිකාවක් සමඟ යුග ගීත ගයන දර්ශන
රූපවාහිනියෙන් දකිද්දී ගායිකාවගේ රූපයට කෙළ ගානවා කියලත් අම්මා කීවා. කුඩා
කාලේ ඉඳලා එයා මගේ ලෝකයේ විරයෙක්.”
තමන් දෙදෙනා ආදරය ප්‍රකාශ කළ ආකාරයත් හෂිනි අමෙන්ද්‍රා රත්නායක එහිදී සඳහන් කිරීමට අමතක කර තිබුණේ නැහැ.
“එදා වික්ටර් මගේ ගෙදර ඇවිත් හිටියා. මගේ නිවසේ අය ඥාති නිවසක
විවාහ මංගල උත්සවයකට ගිහින් හිටියා. අපි හිටියේ මගේ අක්කගේ ගෙදර. රෑ කෑම
අරන් යන්නයි නැවතුණේ. එයා එදා තමයි මුලින්ම මට අදරෙයි කියලා මුවින් ප්‍රකාශ
කළේ. නමුත් ඒ වන විට අපි පුදුම තරමින් සිත්වලින් බැඳිලා හිටියේ. ආදරය කියන
වචනය මුවින් පිටවෙලා නොතිබුණාට අපේ සිත්වලින් සිය දහස්වරක් හුවමාරු වෙලා
තිබුණේ.
ඇත්තටම එයා මට වරෙක පියෙක්, මිතුරෙක් සොයුරෙක්. දැන් සැමියා
විදිහටත්, ගුරවරයෙක් ලෙසටත් මගේ ජීවිතය ආදරයෙන් සෙනෙහසින් පුරවනවා. දහසක්
වචන භාවිතා නොකර මගේ හැඟීම්, ඉරියව්, සිතුම් පැතුම් අවබෝධ කර ගැනිමේ හොඳ
ඉවක් එයාට තියෙනවා.
අපි ආදරෙන් බැඳුණාට පස්සේ මම කොළඹ පන්තියකට ගියා. ඒ කාලෙදි අපි
ආදරෙන් හමු වුණා. අපේ කතාබහ, ඉරියව්, හැඟීම් ගැන ගෙදරට ඉව වැටුණාම අම්මයි
තාත්තයි, අක්කලයි තදින්ම විරුද්ධ වුණා. එයාලා උත්සාහ කළෙත් මාව වික්ටර්ගෙන්
ඈත් කරලා වෙන කාට හරි බන්දලා දෙන්න.
විවාහ නොවී වුණත් අපි එක වහලක් යට අවුරුදු 2 ක් විතර ජීවත් වුණේ
හරිම අවබෝධයෙන්. අපේ බැඳීම විවාහයටත් වඩා එහා ගිය එකක්. ඒ නිසා කඩදාසියක
අත්සන් කරලා එක් කරන බැඳීමට වඩා එහා ගිය පුදුමාකාර බන්ධනයකින් අපි වෙලිලා
ඉන්නේ. විවාහ වෙන එක අපට එච්චර ගැටලුවක් වුනේ නැති වුණත් වික්ටර්ගේ
දරුවන්ගේ ගැටලු නිසා තමයි විවාහ වෙන්න හිතුවේ. විවාහ වූ බව දැනගත්ත මාගේ
දෙමාපියොත් කැලඹීමට පත් වුණා.”
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...