වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර මෙරට සිදු කරන ලද මත් කුඩු ජාවාරම් ගැන තොරතුරු රැසක් හෙළිකර ඇත, මෙසේ හෙළි කරන ලද තොරතුරු මත වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වූ නිළියන් කිහිප දෙනෙක් ගැන රහස් පොලීසිය පසුගියදා පරීක්ෂණ පැවැත් වූහ, එහිදී වෙලේ සුදා ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරිය වන චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ ගිණුමේ තැන්පත් කර ඇතිබව රහස් පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත, අද දින අදාල නඩුව කැදවූ අවස්ථාවේ රහස් පොලීසිය විසින් මේ පිළිබදව අධිකරණයට දන්වා සිටියේය.
අදාල නඩුව කැදවූ අවස්ථාවට උදයන්ති කුලතුංගගේ සහෝදරිය වන චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංග මහත්මියද පැමිණ සිටියේය, මෙහිදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ අදාළ ගිණුමේ මුදල් ලබා ගැනීමට නොහැකිව ඇය අසරණ තත්වයට පත්ව ඇති බවත්, අදාළ මුදල් ලබා ගැනීමට අධිකරණයේ සහය පතන බවත්ය. මෙම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ පිළිබදව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට අද (11) නියෝග කලා චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ ඇති මුදල් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට.
මේ අතර වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සමිබන්ධයෙන් ප්‍රශ්න කිරිමට ලක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයා සමග කලක් මෙම නිළිය සම්බන්ධකම් පවත්වා ඇති අතර එහිදී මෙම නිලියට වෙලේ සුදා හමු වී තිබෙන බව දැනගන්නට ලැබේ. එම හදුනා ගැනිමෙන් අනතුරුව කලක් වෙලේ සුදාගේ මෙරට ව්‍යාපාර ජාලය පවත්වාගෙන ගිය පුද්ගලයින් සමග සමිබන්ධකමි ගොඩ නගා ගැනිමට අදාල නිලිය සමත්ව ඇත.
මත්කුඩු විකුනා ලැබෙන මුදල් බැංකු ගත කිරිම හෝ එය සගවා තබා ගැනිම වෙලේ සුදා ඇතුලු කණ්ඩායම මුහුන දුන් ප්‍රධාන ගැටලුවක් වු අතර, අවසානයේදි ඔවුන්ගේ පිහිටට පැමින ඇත්තේ මෙම තරුණ නිළියයි. ඒ අනුව මත්කුඩු විකුනා ලබා ගන්නා මුදල් ජාවාරම් කරුවන් විසින් දැනුමි දෙන ස්ථානයකට අදාල නිලිය කැදවා ඇයගේ නමට තිබෙන බැංකු ගිණුමි වල තැන්පත් කර ඇත, වසර කිහිපයක් පුරා මෙම තරුණ නිලිය විසින් වෙලේ සුදා සමග මෙම ගනුදෙනුව සිදු කර ඇති අතර අවසානයේදි ඇය විසින් සිය සහෝදරිය වන චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ නමි වලින් ගිණුමි විවෘත කරවාගෙන මුදල් බැර කර ඇතැයි ද අනාවරණය වි ඇත.
මුලාශ්‍ර - දෙරණ
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...