24 September 2020

හෝර්ටන් තැන්නට 'අලුත් පාරක්': ශ්‍රී ලංකාවේ ඒක දේශීය ජෛව විවිධත්වය වැඩිම කලාපය වැනසේද ?


 ලෝක උරුමයක් වූ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීම සඳහා සංචාරකයන් වෙනුවෙන් තවත් මාර්ගයක් විවෘත කිරීමේ උත්සහයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ කතිකාවක් ඇතිවී තිබේ. ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් ඊට මුල් වී කටයුතු කරන බවය.

05 May 2020

Kavindya Dulshani (කාවින්ද්‍ය දුල්ෂානි)


කොරෝනා වෛරසය: "මගේ පුතු මැරූ සිරකරුට කෝවිඩ් මරණයක් එපා"- මවකගෙන් අපරාධකරුවෙකුට සමාවක්!


සිය පුතු මරා දමන ලද ඝාතකයා ඇදුම රෝගියෙකු වන හෙයින් කොරෝනාවෛරස් වසංගතය හමුවේ දරුණු ජීවිත අන්තරායකට මුහුණ දී සිටින ඔහු ජීවිත දානයක් වශයෙන් දැනට රඳවා සිටින සිරගෙයින් මුදා හරින ලෙස ඉල්ලා සිටි මවක ගැන ආජන්ටිනාවෙන් වාර්තා වෙයි.

06 December 2019

ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුට


හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට දැරූ උත්සහා කිරීමේදී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
පසුගිය නොවැම්බර් 27 වෙනිදා සිය සේවා කටයුතු නිම කොට නිවෙස බලා යමින් සිටි ප්‍රියංකා රෙඩ්ඩි නම් මෙම පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අළුයම් කාලයේදී පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා රැගෙනවිත් තිබෙනවා. ඒ ඔවුන් එම අපරාධය සිදුකළ අයුරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ගොනු කිරීමට අවශ්‍ය අපරාධය වූ ආකාරය ප්‍රති නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුවයි.
එහිදී මෙම සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සහ දරා ඇති අතර එහිදී ඔවුන් පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.

(Courtesy : Neth)

03 October 2019

ලිංගික ශ්‍රමය සපයන ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුවිය


"දවසකට customers ලා දෙන්නෙක් ආවොත් රුපියල් 50,000 ක් ගන්න පුළුවන්. මගේ target එක සතියකට රු ලක්ෂ 3ක්. හැම දවසෙම එහෙම නෑ. මාසෙකට කොහොමත් ලක්ෂ 15කට වඩා හොයනවා. මම මේ ඉන්න Apartment එකට ලක්ෂයක් විතර ගෙවනවා. මේ Job එක කරනකොට පිළිවෙලට ලස්සනට ඉන්න ඕනි. අනික මම සමාජයේ ගණුදෙනු කරන පිරිස අනුවයි වැඩ ලැබෙන්නේ. මම ප්‍රතිපත්තියක් විදිහට සාමාන්‍ය තැන්වල යන්නේ නෑ. ඒ වගේම එකම කෙනෙක් දෙවරක් ආශ්‍රය කරන්නෙත් නෑ."

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක වන ඇය ලිංගික ශ්‍රමය සපයන්නියකි.

13 August 2019

මඩුපල්ලියේ කතාව


මන්නාරම- වවුනියා යුද මෙහෙයුම් සමඟ පසුගිය සති කිහිපය තුලදී දැඩි ලෙස අවධානය යොමු වූ කරුණක් වුනේ මඩු පල්ලිය කොටි ග්‍රහණයෙන් මුදවා ගැනීමේ ක්‍රියා කලාපයයි. මෙම දේවස්ථානයේ වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන දේව මංගල්‍යය ගැන හැරුණු විට ඒ පිළිබඳ වෙනත් තොරතුරු මෙරට මහජනතාව නොදනී.

31 July 2019

දළදා වහන්සේ කුඩුපට්ටම් කරන්න ගිය ‘චාමස්’ ආණ්ඩුකාරයාට සිදුවූ විපත


මෙය වසර 90 කට පෙර එනම් 1921.05.12 වෙනිදා සිදුවූ අපූර්ව සිද්ධියකි. 

එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහි සිටි අාණ්ඩුකාරයා වූයේ චාමස් මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර ක්වීන්ස් හෝටලයේය. 

26 July 2019

Kavindya Dulshani (කාවින්ද්‍ය දුල්ෂානි)


කාන්තා සිරුරේ අයිතිය අහිමි කරන යෝනි සුන්නත එංගලන්ත පාසල් විෂයමාලාවට


ලබන අවුරුද්දේ (2020) එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්‍රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

එංගලන්තයේ ද්විතීයික පාසල් ළමුන්ට 2020 සිට කාන්තා යෝනි සුන්නත (FGM ) පිළිබඳව ඉගැන්වීමට දැනටමත් නියමිතව ඇත.

25 July 2019

මාලිංග එක්ක ක්‍රීඩා කරන්න එක තරගයක් ඉල්ලුවා. ඒත් ලැබුණේ නැහැ -නුවන් කුලසේකර


ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වූ බව වේග පන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකර පැවසීය.

ඔහු ඒ බව අනාවරණය කළේ, සිය සමුගැනීම නිවේදනය කිරීම සඳහා බදාදා (ජූලි 24) කොළඹ, කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

23 July 2019

පාසල් දරුවන්ට නොමිලයේ හෙට සිට දියර කිරි


ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (ජුලි 23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරේ.

2025 වන විට ශ‍්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.

ක්‍රිස් ගේල්: පැල්පතෙන් මහා මන්දිරයක් දිනූ පිත්තක විස්කම්


ක්‍රිස් ගේල්. එනම් තැනැත්තා ඔබට පළමුවරට හමුවුනොත් ඔබ ඔහුගෙන් නියත දේවල් බලාපොරොත්තු වනු ඇත. ආකර්ශනීය පුද්ගලයෙක් (Flamboyance). පාන්දර වෙනතෙක් රස කතන්දර කියන්නෙක්. තහංචි නොතකා කටයුතු කරන්නෙක්.

ක්‍රිස් ගේල් සමග කෙනෙකුට ගත කරන්නට ලැබෙන කාලය ඔහුට හොඳම කාල පරාශයක් වනු ඇත. ඇතැම් අවුල් ඇති වුනත් එය ඉවත දැමිය නොහැකි කාලයකි. ''විශ්වයේ මිනිසා'' (Universe Boss) හැටියට ඔහු තමා විසින් තමාම හඳුන්වා ගන්නා නමුත්, හේ නිතරම ලජ්ජාශීලී චරිතයකි. අසීමිත ශක්තිය යොදා එල්ල කරනු ලබන ප්‍රහාර මගින් වාර්තා බිඳ හෙලූ මේ ක්‍රිකට් ක්‍රීඩකයා හැදී වැඩුනේ සාම්ප්‍රදායික සමාජ වටාපිටාවක් තුළය.

මාලි 26 දා එක්දින පිටියෙන් සමුගනියි


ජුලි 26 දා බංග්ලාදේශ හා පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ෆේස්බුක් සජීවී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවයි.

22 July 2019

Ishari Kumarasinghe (ඉෂාරි කුමාරසිංහ)

කුසුම් පීරිස් තවත් නෑ


රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක මෙන්ම ගී පද රචිකාවික වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 74 වැනි වියෝ පසුවූවාය.

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...