16 May 2019

ජෝර්ජියාවේ ගබ්සා තහනමට එරෙහිව කාන්තාවෝ ලිංගික කටයුතු වර්ජනයක


ජෝර්ජියානු රජය විසින් ගබ්සාව තහනම් කිරීමට විරෝධය පාමින් එරට කාන්තාවන් අදාළ නීතිය ඉවත් කරන තුරු පිරිමින් සමග ලිංගිකව හැසිරීම වර්ජනය කරන ලෙසට ප්‍රකට නිළියක් වන ඇලීසා මිලානෝ ඉල්ලීමක් කර තිබේ.

තමන්ගේ ශරීරයේ අයිතිය ඇත්තේ තමන්ට බවත් ගබ්සාව තහනම් කිරීම නිසා ගැබ් ගැනීම අවදානමක් බවත් එම නිසා ගබ්සාව යළිත් නීතිගත කළ යුතු අතර ගබ්සා කිරීමේ හෝ නොකිරීමේ අයිතිය අදාළ කාන්තාවගේ කැමැත්ත මත පදනම් විය යුතු බවත් ඇය පවසන්නීය.

එම නිසා එම අයිතිය කාන්තාවන්ට යළි ලැබෙන තුරු පිරිමින් සමග ලිංගිකව නොහැසිරෙන ලෙස ඇය ජෝර්ජියානු කාන්තාවන්ගෙන් ඉල්ලා තිබේ.

(Courtesy : Rategossip)

No comments:

පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි

වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා.  නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...