20 June 2017
Nimesha Jayathilaka
කෙටි කාලයක් තුළදී නිරූපිකාවක් ලෙස නිරූපන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් නිමේෂා ජයතිලක සමගින් කතා බහ අරඹන්නට අපි සුදානම් වුණේමු. ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයටද එක්විමේ බලාපොරොත්තුවකින් පසුවන ඇය ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට මෙළෙස අදහස් දැක්වුයේය.
නිරූපිකාවක් විදිහට ඔබ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ?
2017-06-15-ent-67නිරූපණ වැඩ වලට යොමු වෙලා දැන් මාස හයක් විතර වෙනවා. නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න මාර්ගය සැකසුණේ මගේ අක්කා නිසා. ඇය ඡායාරූප ශිල්පිණියක්. ඇයගේ ඡායාරූප ගැනිම්වලට මම නිතර දායක වුණා. ඇය ගත්ත ඡායාරූප හරහා මාව දැක්ක බොහෝ දෙනෙක් මට නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කිව්වා. ඔය විදිහට තමයි මම නිරූපිකාවක් වුණේ.
කලා නිර්මාණ වලට දායක වෙලා නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒත්, ලැබෙන නිර්මාණ හොඳට හොයලා බලලා තමයි මම භාරගන්නේ. ආරාධනා ලැබුණ ගොඩක් නිර්මාණ මට ගැළපෙන ඒවා නෙමෙයි. ඒ හින්දා මම ඒවා ප්‍රතික්ෂේප කළා.
හොඳට හොයලා බලනවා කිව්වේ?
ඒ කිව්වේ මට ගැළපෙන නිර්මාණයක් පමණයි. ලැබෙන පළියට හැමදේම කරන කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා මට ගැළපෙන දේවල් විතරයි භාර අරගෙන කරන්නේ.
නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?
මම පොඩි කාලේ ඉඳලා විලාසිතා වලට කැමති කෙනෙක්. ඒ වුණත් ලඟකදී තමයි මට අවස්ථාව ලැබුණේ නිරූපිකාවක් විදිහට වැඩ කරන්න.
හැබැයි පොඩි කාලේ තිබුණේ වෙන හිනයක් නේද?
ඔව්, පොඩි කාලේ මට තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න. ඒත්, නර්තනය පිළිබඳව දිගටම හැදෑරිම් කළේ නැහැ. පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක මට හොඳ රැකියාවක් ලැබුණා. ඉතින් මම ඒ වෘත්තියට යොමු වුණා. නර්තනය තිබ්බ ආසාවත් අත්හැරුණා. දැන් මම හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වෙලා වැඩ කරනවා.
රැකියාවක නිරත වෙද්දි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කාලයක් තියෙනවාද?
තාමත් මට එහෙම බාධාවක් නැහැ. දෙකම සමබරව කරගෙන යනවා.මම දැනට කරන රැකියාවට වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් එක හා සමාන කැමතියි. ඒ නිසා මම හිතනවා මගේ රැකියාව නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි ලොකු බාධාවක් නොවේවි කියලා.
ඉලක්ක තියෙනවාද?
කලාව පැත්තෙන් ඉදිරියට යන්න ආසයි. ඒ වගේම දැනට මම ඉන්න හොටෙල් ක්ෂේත්‍රය තුළ ලොකු ගමනක් යන්නක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දෙකම සමබරව කරගෙන ඉස්සරහාට යන්න අවශ්‍යයි මට.
උදව් කළ අය?
මගේ අක්කා දිනුෂා කල්පනි. ඇය තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කරන්න අත දුන්නේ. ඒ වගේම හැමදේකටම මට උදව් කරන මගේ ළඟින්ම ඉන්න හිරුවත් මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ යහළුවන් හැම දෙනාවත් වචනයකින් හරි මට උදව් කරන හැම කෙනොවත් මේ වෙලාවේදී මතක් කරනවා.
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
සිංගප්පූරුව, සමලිංගිකත්වය තහනම් කරමින් මෙතෙක් පනවා තිබූ නීතියක් අවලංගු කිරීමට සැරසෙන අතර, ඉන්පසුව සිංගප්පූරු සීමාව තුළ සමලිංගිකත්වයට ඇති බ...
-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...