කොලොම්බියාවේ හටගත් නාය යාමෙන් අතුරුදන් පිරිස් සොයමින් එරට ආරක්ෂක හමුදා දැඩි සෝදිසියක යෙදී සිටිති.
මඩ ගලා යාමට හසුව 200 කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
1,100 කට අධික හමුදා සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.
පුටුමායෝ පළාතේ අගනුවර අවම තරමින් පුද්ගලයින් 400 දෙනෙකු තුවාල ලබා තවත් 200 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොලොම්බියාවේ ස්වේච්ඡා රතු කුරුස සාමාජිකයින් පවසන පරිදි මියගිය ප්‍රමාණය 200ට අධිකය.
මේ අතර හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කළ ජනාධිපති හුවාන් මන්වෙල් සන්තෝස්, ගලවාගැනීමේ වැඩපිළිවෙල නිරීක්ෂණය සඳහා අදාළ ප්‍රදේශයට ගුවනින් ගියේය.
එම කලාපය තුළ මාසයකදී අපේක්ෂිත වර්ෂාපතනයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් එක රැයකදී ඇද හැලුණු බව කොලොම්බියාවේ ජාතික ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂවරයා ඒෆ්පී ප්‍රවෘත්ති ආයතනයට පැවසීය.
මොකොවා නගරය ජලය හා විදුලියෙන් තොරව තනිකරම හුදෙකලා වී ඇති බව එහි නගරාධිපතිවරයා මාධ්‍යට පවසා තිබිණි.
ඔහුගේ නිවස ද ජල ගැල්මෙන් හානියට පත්ව ඇති අතර වහල මට්ටමට මඩවලින් වැසී ඇත.
මුලාශ - බීබිසී