අන්තර්ජාලයේ පළවන ව්‍යාජ පුවත් පිළිබඳව world wide web (WWW) නිර්මාතෘ ටිම් බර්නර්ස් ලී (Tim Berners Lee) සිය කනස්සල්ල පළ කරයි.
එමෙන්ම
දත්ත පිළිබඳ රහස්‍යභාවය සහ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලය වැරදි
ලෙස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ද WWW නිර්මාතෘවරයාගේ අවධානයට ලක්වී ඇත.
මේ බව සඳහන් වන්නේ අන්තර්ජාල වෙබ් අඩවි ලොවට හඳුන්වා දුන් ටිම් බර්නර්ස් ලී විසින් නිකුත්කරන ලද නිවේදනයක ය.
ඔහු මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ අන්තර්ජාලය නිර්මාණය කිරීමේ 28 වැනි සංවත්සරය වෙනුවෙනි.
පෞද්ගලික
තොරතුරු පාලනයෙන් ගිලිහීයාම සහ පාලකයන් විසින් රටවැසියන්ගේ ක්‍රියාකාරකම්
සියුම් ලෙස නිරීක්ෂණයට ලක් කරනු ලැබීම පිළිබඳව ඔහු මෙම නිවේදනය මගින්
අනතුරු අඟවයි.
ව්‍යාජ පුවත් පළවීම අවම කර ගැනීම සඳහා සමාජ මාධ්‍යජාලා සහ අන්තර්ජාලයේ
සෙවුම් යන්ත්‍ර දරන උත්සාහය දිරිමත් කළ යුතු බව ටිම් බර්නර්ස් ලී අවධාරණය
කර සිටී.
ඔහු තවදුරටත් කියා සිටින්නේ පාලකයන් විසින් නීතියෙන් ඔබ්බට
ගොස් පුද්ගලයන් පිළිබඳව තොරතුරු නිරීක්ෂණය කරනු ලැබීමට එරෙහිව සටනක් ආරම්භ
කළයුතු බවය.
මූලාශ්‍ර : BBC
Subscribe to:
Post Comments (Atom)
පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවයි
වයස අවුරුදු පහක පෙර පාසල් සිගිත්තෙකු ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ පුවතක් නුවරඑළියෙන් වාර්තා වෙනවා. නුවරඑළිය ලවර්ස්ලීප් විනායගපුරම් ප...

-
A North Carolina couple made sure their dying infant son was present for their wedding, by tying the knot at a Lexington hospice center. C...
-
For the past three years, BethAnn Telford has trained for a grueling athletic achievement, the World Marathon Challenge. It's seven ma...
-
There are "no indications" that Trump Tower was under surveillance by the US government before or after the election, a Senate c...
No comments:
Post a Comment